ලෝක ගුරු දිනය වූ අද (06දා) පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරුවරුන් දෙදෙනෙකු අතර සිදුවී යැයි කියන ගුටිබැට හුවමාරුවක් පිළිබඳ දකුණු කළුතර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙම ගුරුවරුන් දෙදෙනාම ගණකාධිකරණ විෂය උගන්වන බවත්, අත්පත්රිකා බෙදීමේ ප්රශ්නයක් මත මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇති බවත් පොලීසිය පවසයි.
කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂණ සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක කේ.එස්. නයනප්රිය මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කළුතර සුනිල් එස්. තන්ත්රිආරච්චි