කොටි සාමාජිකයන්ට ද්විත්ව පුරවැසිකම් හා නිදහස ලබාදෙන ආණ්ඩුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින චරිතයක් සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (05දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඒ පිළිබඳව සඳහන් කරමින් වීරවංශ මහතා පැවසුවේ 'රතු අලි පැටියා මේක පිටුපස ඉන්නවා' යනුවෙනි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ තමාගේ පක්ෂය අතර කුමන වෙනස්කම් තිබුණද ශ්රී ලංකාවේ ඉපදී ජීවත් වූ පුද්ගලයෙකු වන ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනීම හෙළදකින බව ඔහු කීය.