බෙන්තර - ඇල්පිටිය ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රධාන සංවිධායික් ගීතා කුමාරසිංහ මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට නිදහස් පක්ෂ සභාපති හා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබේ.
ඒ වෙනුවට බෙන්තර ආසන සංවිධායක ලෙස හිටපු ප්රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න මහතාද ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු ප්රාදේශීය සභා සභාපති අමිල හර්ෂණ කාරියවසම් මහතාද පත්කර තිබේ.