කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ රෝගීව සිටියදී ඉකුත් 12 දින වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවප්පෙරුම මහතාගේ මැදිහත්වීමෙන් කරුවලගස්වැව වනජීවී කාර්යාලය අසල තබ්බෝව වැව් තාවුල්ලට රැගෙන විත් ප්‍රතිකාර ලබමින් සිටින අලි පැටවාගේ සුවදුක් බැලීම සඳහා ඊයේ (17දා) නියෝජ්‍ය අමාත්‍යවරයා නැවත පැමිණ තිබේ.
මෙහිදී වැව් ජලයේ සිටි අලි පැටවා වනජීවී නිලධාරීන් සමග ගොඩට ගෙන ප්‍රතිකාර කිරීමටද පාලිත තෙවරප්පෙරුම මහතා වනජීවී පශු වෛද්‍යවරයාට සහාය විය.
අඩි 4ක් පමණ උසැති වයස අවුරුදු 03ක් පමණ වන බව පැවසෙන මෙම අලි පැටවා කොඳු ඇටපෙළේ ආබාධයක් හේතුව ඇවිදගත නොහැකිව සිටින බව වනජීවී නිලධාරීහු පවසති.
ජයරත්න වික්‍රමාරච්චි