ඉදිරියේදී බස්නාහිර සහ දකුණු පළාත් මූලික කරගනිමින් ආරම්භ වන විශේෂ ගිලන් රථ සේවාවේ කාර්යමණ්ඩලය 600 ක් බවත්, එම ප්‍රමාණයෙන් හතර දෙනෙකු හැර අනෙකුත් සියලුම පිරිස් ශ්‍රී ලාංකිකයන් බවත් වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
ඉන්දියාවෙන් බඳවාගන්නා හතර දෙනා බඳවාගැනීමට සැලසුම් කර තිබෙන්නේ අදාළ සේවාවේ තාක්ෂණික සහාය ලබාගැනීමට බවත්, බඳවාගන්නා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාව තුළදී මාස දෙකක පුහුණුවක් ලබාදෙන බවත් ඔහු පවසා සිටියේය.