ගිරිඋල්ල පොලිස් වසමේ මත්තේගම ලක්මල් උයන ප්‍රදේශයේ කසල ගොඩක අත්බෝම්බ සඟවා ඇති බවට පොලිසියට ලත් තොරතුරක් අනුව කළ සෝදිසියකදී ඉටි කවරයක ඔතා වළදමා තිබූ ජීව අත්බෝම්බ හතරක් ඊයේ (8දා) පස්වරුවේ සොයාගෙන ඇත.
මේ සම්බන්ධව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර විශේෂ කාර්ය බලකාය කැඳවා එම බෝම්බ නිෂ්කී‍්‍රය කිරීමට කටයුතු යොදා ඇත.
මීරිගම කාන්ති