"මම කරන දේ කියන මිනිහෙක් ඒ වගේම කරන දේ කියන මිනිහෙක් ඒත් විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා. ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා. ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැ" යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23දා) අනුරාධපුර ත්රිකුණාමලය ඒ දොළහ මාර්ගයවිවෘත කිරීමේ උළෙලේදී පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.
"මම කියන දේ කරපු මිනිහෙක් කරන දේ කියන මිනිහෙක්. ඒ පැත්තට මේ පැත්තට යන එක අදඊයේ සිදු වු දෙයක් නොවෙයි. එදා සීපීද සිල්වා ගියෙත් පොළොන්නරුවෙන්. ඒත් ගියපු අයට නම් වැඩක් වෙන්නේ නෑ හැබැයි ආපු අයට නම් හොදයි. අපේ සැලුන් දොර හැම වෙලාවෙම විවෘතයි. ඕනෑ වෙලාවක එන්න යන්න පුළුවන්. ගිය අයටත් එන්න පුළුවන්. ඔය කීප දෙනෙක් ගියාට වැඩක් නෑ. අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ" යැයිද සඳහන් කළේය.