ඔක්තෝබර් මාසයේදී නාම යෝජනා කැඳවා මේ වසරේදී ඡන්දය පැවැත්වීමට අදාළ නීතිමය වාතාවරණය සකස් කර දෙන ලෙස සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කොළඹදී අද (24දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
“කොමිෂන් සභාව මේක (පළාත් සභා මැතිවරණය) පරක්කු කරනවා කියලා කාටවත් බනින්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. මේ ඡන්දය පරක්කුවෙලා වැඩියි කියන එක ගැන ජනමතයක් නිර්මාණය කිරීම අවශ්‍යයි.
ලෝකෙ හදන්න දින හයයි ගියේ. මාසයක් ඇතුළත ඔය සංශෝධන කරන්න පුළුවන්. ජුනි මස 30ට පෙර මේ කටයුතු අවසන් කරන්න හැකියි කියන එකයි අපේ මතය.
අපිට මාස දෙක හමාරක් තුනක් ඉල්ලනවා. ගිය පාර අපිට වැඩේ වැරදිලා තියෙන්නේ. ඉක්මන් කරන්න ගිහිල්ල. තාම බනිනවානේ ප්‍රතිඵල දුන්නේ නැහි කියලා. යාළුවොත් තරහා වෙලා තියෙන්නේ රූපවාහිනී ආයතන වල.”