පසුගිය වසර 10 ක කාලය තුළ ශී‍්‍ර ලංකාව ලබාගත් විදේශ ණය ප්‍රමාණය රුපියල් ටි්රලියන 10 ක් හෙවත් රුපියල් කෝටි දස ලක්ෂයක් වුවත් එයින් රාජ්‍ය වත්කම් ලෙස මුදල් අමාත්‍යාංශයේ සඳහන් වී ඇත්තේ රුපියල් ටි්රලියන 01 ක් හෙවත් රුපියල් කෝටි ලක්ෂයක් පමණක් බව මේ වන විට අනාවරණය වී තිබෙන බව ජනාධිපතිවරයා පවසයි.
සංවර්ධනය, චංචල සහ නිශ්චල දේපළ, රාජ්‍ය වත්කම් හෝ ජනතා සුබසාධනය සඳහා ඉතිරි ටි්රලියන 09 ක මුදල වැයකළ බවට කිසිදු ලිපි ලේඛණයක් මුදල් අමාත්‍යාංශය සතුව නොමැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය වසර 10 තුළ ලබාගත් සමස්ත විදේශ ණය ප්‍රමාණය සහ ඒවා භාවිතා කළ අන්දම පිළිබඳ නිවැරදි තොරතුරු කඩිනමින් රටට සහ ජනතාවට හෙළිකළයුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග ඊෙය් (26) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවක් අමතමිනි.