වත්මන් ආණ්ඩුවේ හෝ පසුගිය ආණ්ඩුවේ සොරුන්ට කිසිම සමාවක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05දා) වවුනියාවේදී පවසා සිටියේය.
වවුනියාව වෛරවපුලියන්කුලම් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජනහමුවකට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“ මම ජනාධිපති වෙන්නට පෙර කොයි තරම් අතුරුදන් වුණාද. උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් අතුරුදන් වුණා. යුද්දෙන් පස්සෙත් ඒ දේවල් එහෙමම තිබුණා. සුදු වෑන්වලින් කොයි තරම් අතුරුදන් කළාද. ඒඅයට වෙච්ච දෙයක් නැහැ. මාධ්‍යවේදීන් මහපාරේ වෙඩි තියලා ඝාතනය කළා මාධ්‍ය ආයතන ගිනි තැබුවා. නමුත් මම ජනාධිපති වෙලා වසර 03 ක් වෙනවා. මේ වන තෙක් කිසිම අතුරුදන්වීමක් සිදුව නැහැ.
රාජපක්ෂ ආණ්ඩුවේදී කොයි තරම් හොරු හිටියද කියල ඔබ දන්නවා. දැන් ඔය අලුත් පක්ෂයක් හදාගෙන ආවත් ඔය ඔක්කම හොරු. මහබැංකුවේ සල්ලි හොරකම් කරල තියෙන්නේ 2008 සිට 2016 වෙනකම් කියලා විනිශ්චයකාරවරු කොමිසමේ නිර්දේශ කරල තියෙනවා.
ඒ නිසා ගිය ආණ්ඩුවේ හා මේ ආණ්ඩුවේ හොරුන්ට මගෙන් කිසිම සමාවක් නැහැ. පසුගියදා මිහින් ලංකා එකේ සිදු වූ කෝටි ගාණක මහා පරිමාණ මුදල් වංචාව හොයන්නත් මම ජනාධිපති කොමිසමක් පත් කරල තියෙන්නේ” යැයි ද පවසා සිටියේය.