පැනමා ජාතික ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ඩැනීලා නම් බහාලුම් නෞකාවක ගින්නක් හටගෙන ඇති බවට ලැබුණ තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව එම ගින්න නිවාදැමීම සඳහා පී-412 සහ පී-436 යන වේග ප්‍රහාරක යාත්‍රා පිටත්කර යවා ඇතැයි නාවිත හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
කොළඹ වරාය සතු රාවණා සහ මහ වැව යන ටග් යාත්‍රාවන්ද පිටත් කර ඇති අතර, ඒ අනුව මේ යාත්‍රා මගින් විපතට පත් නෞකාවේ ගින්න මැඬලීමට කටයුතු කරන තෙක් එහි කාර්යමණ්ඩලයේ ජීවීත ආරක්ෂා කරගැනීමට හා නෞකාවට සිදුවෙමින් තිබූ අලාභ හානිය අවම කිරීම සඳහා පිටත්කර යැවූ බව නාවික හමුදාව පවසයි.