ගිනිකෙළි මිලදී ගැනීමේදීත් භාවිතයේදීත් පරිස්සම් වන්න
ගිනිකෙළි භාවිතයේදී කුඩා දරුවන් ඈත්කර තබන ලෙසත්, ගිනිකෙළි මිලදී ගැනීමේදී සෑම විටම ප්‍රමිතියෙන් යුතු ගිනිකෙළි මිලදී ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අවුරුදු සමයේ ගමන්බිමන් යෑමේදී අනාරක්ෂිත ස්ථානවල දිය නෑමෙන් වැළකී සිටින ලෙසත්, පෞද්ගලික රථවාහනවල ගමන් යෑමේදී අනුමත මගී සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යෑමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
බීමත්ව රිය පැදවීමෙන් වැළකිය යුතු අතර, මෙම නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පවසා සිටියේය.
සෑම වසරකදීම ගිනිකෙළි අනතුරු විශාල ලෙස වාර්තාවන බවත්, මේ හේතුවෙන් ගිනිකෙළි මිලදී ගැනීමේදී එහි ප්‍රමිතිය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් පැවසූ පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා, ගිනිකෙළි භාවිත කිරීමේදී එය ආරක්ෂිතව භාවිත කරන ලෙසජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


