කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් පිරමන්තනාරු ප්රදේශයේදී අර්ධසුඛෝපභෝගී බස් රථයක් අද (03දා) අලුයම ගිනි ගිනි ගැනීමක් නිසා සම්පූරණයෙන් හානිවී ඇතැයි ධර්මපුරම් පොලීසිය පවසයි.
බස් රිය ගිනි ගන්නා අවස්ථාවේ රියදුරු හෝ කොන්දොස්තර බස්රියේ නොසිටි බවද වාර්තාවෙයි. ගිනි ගැනීම සම්බන්ධයෙන් රියදුරු පවසන්නේ මෙය කාර්මික දෝෂයක් නොවන බවත් කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව ධර්මපුරම් පොලීසිය පවසයි.