දංකොටුවේදී වෑන් රියක් තුළ පස්දෙනෙකු ගිනි තබා මරා දැමීමේ සිදුවීමට අදාළව එම වෑන් රිය පැදවූ බව කියන නේවි කපිල නොහොත් කපිල සෙනරත් බණ්ඩාරගේ සිරුරද තිබෙන බව ඔහුගේ බිරිඳ හා ඥාති පුතෙකු විසින් හඳුනාගෙන තිබේ.
කපිලගේ දකුණු පාදයේ කකුලකට සවිකළ යකඩ පතුරකින් හා ඔහු පැළදී බව කියන යකඩ මාලයක් අනුව ඔහුගේ සිරුර හඳුනාගෙන තිබේ.