දෙනියායේදී නිවසක හුදෙකලාව ජීවත් වූ කාන්තාවක් නිවසේ ඇතිවූ ගින්නකට හසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ (11දා) රාත්රියේදී මෙම අනතුර සිදුව තිබේ. ලෑලි ගසා තිබූ නිවසක් මෙසේ ගිනිගෙන ඇති අතර ගින්නෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
මිය ගිය කාන්තාවගේ බව කියන සිරුරක කොටස්ද සුන්බුන් අතර පවතින බව පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ බොරලපනාව ප්‍රදේශයේ පදිංචි 60 හැවැරිදි ප්‍රේමාවතී යන අය බව පොලීසිය සඳහන් කරයි.