මනුෂ්‍ය සංහතියේ සුවිශේෂී ජයග්‍රහණ මෙන්ම, ස්වභාවික ලෝකයේ අත්‍යන්ත සිදුවීම් අළලා වාර්ෂිකව එළිදක්වන ගිනස් ලෝක වාර්තා පොතේ 1955 ප්‍රථම සංස්කරණයේ සිට මේ දක්වා වසර 60ක් ගතවී ඇත.
දිගින් වැඩිම දෙපාවල සිට ලොව සිහින්ම ඉඟ දක්වා සුවිශේෂී වාර්තා ඇතුළත් මෙම කෘතිය දශක හයක් පුරා ගෝලීය වශයෙන් අතිශය ජනාදරයට පත් කෘතියකි.
මෙම වසර 60ක කාලය තුළ ගිනස් ලෝක වාර්තා කෘතියේ පිටපත් මිලියන 134ක් ලොව පුරා රටවල් 100ක් තුළ අලෙවි කර ඇත.
ගිනස් කළමනාකාර අධ්යක්ෂ සර් හ්යු බීවර් විසින් 1951 වසරේදී ගිනස් ලෝක වාර්තා පොත පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, 1955 වසරේදී බ්‍රිතාන්‍යයේදී එහි ප්‍රථම සංස්කරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් විය.