දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණ යන පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කය ආශ්‍රිතව සවස් කාලයේ මඳවැසි හෝ ගිගිරුම් සහති වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව වැසි සමග සුළං , අකුණු කෙටීම ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන් මේ කාලයේ දිවයින තුළ දැඩි උෂ්ණත්වයක් පවතින අතර එය හෙට (05දා) සිට මෙම මස (15දා) තෙක් සෙල්සියස් අංශක 34ක් දක්වා වර්ධනය විය හැකිබව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ කාලය තුළ සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින අතර ඒ අනුව දහවල් 12.13ට හම්බන්තොට, කටුදම්පේ, නාකියාදෙණිය සහ මලිදූව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.