ගෑස් හිගයක් පවතින බවට සහ මිල ඉහළ යන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලිට්රෝ සමාගම පවසයි.
ලිට්රෝ සභාපති ශලීල මුණසිංහ මහතා පවසන්නේ ගෑස් මිල ඉහළ යනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් ඇතැමුන් ගෑස් තොග සැඟවීමට උත්සහ දැරීම මෙම කෘත්‍රිම හිඟයට හේතුව බවයි. එසේ නොමැතිව සැබෑ ලෙස ගෑස් හිඟයක් රට තුළ නොමැති බව අවධාරණය කළ ඒ මහතා කියා සිටියේ සාමාන්‍ය පරිදි ගෑස් බෙදා හැරීම සිදුකරෙන බවයි.
එමෙන්ම ගෑස මිල ඉහළ දැමීමට කිසිදු සූදානමක් නොමැති බවත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවදී ප්‍රකාශ කළ පරිදි ම ගෑස් මිල ඉහළ නැංවීම මේ මොහොතේ සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.