ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණය පරිදී ගෘහස්ත ගෑස් මිල අප්‍රේල් 27 වන දින රුපියල් 245 කින් වැඩි කිරීමත් සමග එහි නව අලෙවි මිල රුපියල් රු. 1679 දක්වා වැඩි විය. මෙයට පෙර අවසන් වරට ගෑස් මිල වැඩි කරනු ලබුවේ 2017- සැප්තැම්බරයේදී රු. 110 කිනි.
වර්තමානයේ ගෑස් මිල රු 245 කින් වැඩිකළා වූවද මෙයට පෙර 2014- 2015 පැවති මිල ගණන් අනුව සැසදීමේදී එය අඩු මට්ටමක පවතින හෙයින් ආපන ශාල හා හෝටල් වල කිසිදු ආහාරයක මිල වැඩි කිරීමට හේතුවක් නැතැයි පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි.


