ඒකල ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් වීම නිසා එහි සේවයකයන් 99ක් දින දෙකක් තුළ අසනීප වී රෝහල් ගත කිරීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව අද සිට එළැඹෙන 22දා දක්වා වසා දැමූ බව පොලීසිය පවසයි.
මෙම කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර ක්‍රියාකිරීම සඳහා යොදා ගන්නා වාතය සමග ක්‍රියා කරන ගෑස් වර්ගයක් පිටත වාතය සමග මුසුවීමෙන් සේවකයන් මෙසේ රෝගාතුර වී තිබේ.
ඊයේ (19දා) මුලින්ම මෙම ගැටලුව ඇති වූ නමුත් අද දිනයේදීත් කර්මාන්ත ශාලාවේ සේවය කිරීම සඳහා සේවකයන් යෙදවීමත් සමග තවත් සේවකයන් 52ක් අද දිනයේදී රෝහල්ගත කර ඇත.
එහි සේවකයන් 1200ක් පමණ සේවය කරන අතර, නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියට විරුද්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය පැවසීය.