මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිඳු වගකීමක් නොමැති බව වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළ බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඊයේ (28දා) ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් මහ බැංකු අධිපතිවරයා හමුවීමෙන් අනතුරුව 'අද'ට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"කිසිම සම්බන්ධයක් නැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිරපරාදේ මේ මහා හොරකමට සම්බන්ධ බවට ගාවන්න ගැසට් පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බලවතෙක් මෙහිදී විරෝධය පළ කළා. එතුමා (මහ බැංකු අධිපති) බොහොම පැහැදිලිව කිව්වා මේ සිද්ධියට, මෙම ගැසට් නිවේදනවලට මහින්ද රාජපක්ෂ මහතා කිසිම සම්බන්ධයක්, කිසිම වගකීමක් දරන්නැහැ කියලා."