දිවයිනට නැගෙනහිර දෙසින්, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය ත්‍රිකුණාමලය සිට කි.මී. 480ක් පමණ දුරින් පවතින හෙයින් ඉදිරි පැය 12 තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව යාපනය අර්ධද්වීපය ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන් හේතුවෙන් දෙසැම්බර් මස 02 වැනිදා දක්වා, උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තද වැසි සහ තද සුළං බලාපොරොත්තුවිය හැකි බවද එම නිවේදනයේ සහන් වෙයි.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, සමහර ස්ථානවලට තරමක් තද වැසි (100mmට වැඩි) බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.