ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ගිණුම් පුළුල් වශයෙන් විමර්ශණය කර ගැටලු සහිත ගිණුම් ජනපතිගේ හා මුදල් ලේකම්ගේ උපදෙස් පිළිබඳව මහා භාණ්ඩාගාරයට යොමු කිරීමට කටයුතු කළ බවත් ආරක්ෂක ලේකම් බී.එම්.යූ. ඩී. බස්නායක මහතා පැවැසීය.
එසේම සැක සහිත ගිණුම් පිළිබඳව පළුල් විමර්ශණයක් ඉදිරියේදී කරන බවත් හෙතෙම පැවැසීය.
ආරක්ෂක ලේකම්වරයා මහනුවර දළදා මාළිගාවේ ආගමික වතාවත් සඳහා එක්වීමෙන් අනතුරුව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ලේකම්වරයා මෙම අදහස් අද (08දා) පැවැසීය.