මේ වනවිට ගැටලුවකට මුහුණ දී තිබෙන මූල්‍ය ආයතනවල තැන්පතුකරුවන්ට සහනයක් සැලසීමට සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
මේ අතර මෙම මස 22 වැනිදා ශුද්‍ර මූල්‍ය සමාගම්වලට විශේෂ සහනයක් ප්‍රකාශයට පත් කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
රුපියල් 150000කට අඩු ශුද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබාගත් අයගේ ණය පොලිය කපා හැර රජය එම මුදල දරාගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම මස අවසන්වන වනවිට ලංකාවේ ඕනෑම කාන්තාවකට මෙම ණය ක්‍රමය යටතේ සහන ලබාදෙන බවද සමරවීර මහතා පැවසීය.
ලබන සතිය ඇතුළතදී නැවත මේ සම්බන්ධව සාකච්ඡා කරන බවද හෙතෙම පවසා සිටියේය.