විදුලි ක්ෂේත්රයේ උද්ගත වී ඇති ගැටලු ගැටලු විසඳා ගැනීමට සිය සහාය උපරිමයෙන් ලබාදෙන බව ලංකා විදුලි සේවක සංගමය පවසා තිබේ. ඒ ලංකා විදුලි සේවක සංගමයේ නිලධාරීන් සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර අද (19) පැවැත්වු විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
ඔවුන් විසින් ඉදිරිපත් කෙරුණු යෝජනා කෙරෙහි දැඩි අවධානය යොමු කරන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ.