ගාල්ල නගර සභාවේ තාක්ෂණ නිලධාරී (TO) රුපියල් 20000ක අල්ලසක් ලබාගැනීමේදී අද (26දා) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
ගංතොට ප්රදේශයේ පදිංචිකාරියකගේ ඉඩමක සැලැස්ම අනුමත කර ගැනීම සඳහා රුපියල් 24,000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 20,000ක් ලබාගැනීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.