ගාල්ල කොටුවේ පැරණි කොටු දොරකඩේ අද (22 දා) ලොරියක් ගැටීම නිසා සිදුවූ අනතුරින් එහි ඉහළ ප්රදේශයේ කොටසක් කඩාවැටී ඇතැයි වාර්තා වේ.
අනතුරට පත් ලොරි රථය ගාල්ල උසාවිය දෙසින් පැමිණ කොටු දොරකඩින් ගමන් කිරීමට යෑමේදී එහි වහල ආරුක්කුවේ වැදීම නිසා මෙම අනතුර සිදුවී ඇත.
කොටු දොරටුව වර්ෂ 1647 හෝ ඒ ආසන්න කාලයේදී ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකරන ලද්දක් බව විශ්වාස කරන අතර ගාල්ල කොටුව ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සුවිශේෂී ස්ථානයකි.