ගාල්ල හැවුලොක් පාරේ ගරාජයක තිබී රජයට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් සොයාගත් බව ගාල්ල පොලීසිය සඳහන් කරයි. ඊයේ (08දා) රාත්රියේදී මෙම රථය සොයාගෙන තිබේ.
ජීප් රථය අනතුරට පත්වී තිබෙන අතර එය පසුගිය ජනපතිවරණ කාලසීමාවේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් භාවිතා කර ඇති බව පැවැසේ.
මෙම ගරාජය රජයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක් බවද පැවැසේ.