ගාල්ල සුදර්ශි විද්‍යාලයේ විදුහල්පති මාරු කිරීමට විරෝධය පා එම පාසලේ සිසුසිසුවියන් බොහොමයක් දෙනා අද (16දා) පාසල් පැමිණ නැතැයි වාර්තා වේ.
එම පාසලේ සිසු සිසුවියන් කිහිපදෙනෙකු පමණක් අද (16දා) පාසල් පැමිණ ඇති බවත්, සෙසු සියලු දෙනා පාසල් පැමිණ නොමැති බවත් දැකගත හැකිවිය.
මාරුකර යැවූ හිටපු විදුහල්පතිවරයාගේ පරිපාලනය ඉතා හොඳ තත්ත්වයක පැවති බැවින් එම විදුහල්පතිවරයාව නැවත ලබාදෙන මෙන් ඉල්ලා මෙම විරෝධතාව දක්වා ඇති බව පැවසේ.
සුදර්ශි පාසලේ සිසුවියන්ගේ දෙමවුපියන් පවසන්නේ විදුහල්පතිවරයා නැවත ලබාදීමට කටයුතු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්