දැනට ගාලු වරායේ පවත්වාගෙන යන නාවික හමුදා කඳවුර හම්බන්තොට ස්ථාපිත කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් ඒ සඳහා පහසුකම් සැපයීම වරාය අධිකාරියේ සේම රජයේ වගකීමක් බවත් අමත්‍ය අර්ජුන රණතුංග පැවසිය.
අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (17දා) හම්බන්තොට මාගම්පුරවාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එසේම මෙහිදී හම්බන්තොට වරායේ පැවැති විරෝධය පිළිබඳවද අමාත්‍යවරයා සිය අදහස් දැක්වූ අතර ඔහු පැවැසුවේ විරෝධතාව හේතුවෙන් ආයතනයට වූ අලාභය හා භාණ්ඩ අවභාවිත කළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.