ගාල්ල කොටුවේ ඇති කෞතුකාගාර සියල්ල ඉන් පිටත එකම ගොඩ නැගිල්ලකට ගෙන යන ලෙසත් සමස්ත ගාලු පුරවරයේ ඇති ථෛතිහාසික පුරාවිද්‍යාත්මක හා සමාජිය සියළු අංශ සම්බන්ධ සියළුම උරුමයන් ඒ කෞතුකාගාරයේ තැන්පත් කිරිමට පියවර ගන්නා ලෙස අගැමැති රනිල් වික්‍රමසිංහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ගාල්ල නගර සංචාරක සැලැස්ම හා ගාලු නාගරික සංවර්ධන සැලසුම් පිලිබදව ඊයේ(18) රාත්‍රි ගාල්ල ලයිට් හවුස් හෝටලයේ අදාල නිළධාරින් සමග පැවැති විශේෂ රැස්විමකදි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් නිළධාරින්ට ලබාදුන්නේය.
ලෝක උරුම ගාල්ල කොටුව ඇතුලත පිහිටි සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය හැර එහි ඇතුලත ඇති සියළුම කෞතුකාගාරත් රාජ්‍ය ආයතනයනුත් කොටුවෙන් පිටත ස්ථාපිත කිරිමට සැලසුම් සකස් කරන්නැයි ද අගමැතිවරයා මෙහිදි උපදෙස් දුන්නේය.