හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතාගේ බිරිඳ, දූ දරුවන් ඇතුළු ඥාතීන් නව දෙනෙකුගේ නම්වලින් බැංකු ඇතුළු මූල්‍ය ආයතන 80 ක ඇති වත්කම් පිළිබඳ තොරතුරු රහස් පොලීසියට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම බැංකු ඇතුළු මූල්‍ය ආයතන 80 හි කළමනාකරුවන්ට අද (20දා) නියම කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජ්‍ය සමයේදී නීතිවිරෝධී ආකාරයෙන් රැස් කළ මුදල් බැංකු හා මූල්‍ය ආයතනවල රඳවා ඇති බවට සැකකරන්නේ යැයි කියමින් රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව රහස් පොලීසිය මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇත.