කුරුණෑගලදී දැරියක පැහැර ගැනීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන ‘ග්‍රීස් ගාමිණී’ නොහොත් අයි.ඒ. ගාමිණී නමැති සැකකරු එළඹෙන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද (06දා) නියෝග කළේය.
එසේම එම සිද්ධියට සම්බන්ධ ග්‍රීස් ගාමිණීගේ මව හා ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයාද එළැඹෙන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ග්‍රීස් ගාමිණී කරුණෑගල ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍යවරියට පෙන්වන ලෙසත්, තමාරා දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පෙන්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.