දිවයින පුරා පිහිටි ග්‍රාමීය මාර්ග සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රාත්‍රී බස්රථ සේවාව විධිමත්ව සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙවර අයවැයෙන් බස්රථ 2100 ක් ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බැවින්, එම බස්රථ මෙරටට ගෙන්වීමෙන් පසු මෙම රාත්‍රී බස්රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.
රාත්‍රී හයෙන් පසුව ග්‍රාමීය මාර්ගවල ගමන්ගන්නා මගී ජනතාවට රාත්‍රී බස්රථ සේවාවක් නොමැතිවීම නිසා විශාල අපහසුතාවන්ට ලක්වීමට සිදුව ඇතැයි පෙන්වාදෙන අමාත්‍යවරයා, ඒ පිළිබඳව සඳහන් කරමින් අමාත්‍යාංශයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද කියා සිටියේය.