පසුගිය ආණ්ඩුවේ අයවැයට අනුව ග්රාම නිලධාරීන්වරුන්ට ඉහළ දැමූ ගමන් වියදම්, කාර්යාල වියදම් සියල්ලම වර්තමාන ආණ්ඩුව විසින් කප්පාදු කර දමා ඇති බැවින් සේවයේ නියුතු ග්රාම නිලධාරීවරුන් 13,400කට අධික ප්රමාණයක් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි පැවසේ.
කාර්යාල සහ ගමන් දීමනා වර්තමානයට ගැළපෙන ලෙස ලබානොදීමෙන් එකී කටයුතු සඳහා තම වැටුපෙන් මුදල් වියදම් කිරීමට සිදුවන බවත්, ඒ හේතුවෙන් එම මුදල ඉහළ දමන ලෙසට පසුගිය වසර පුරාම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටි බවත් ග්රාම නිලධාරීවරු පවසා සිටිති.
මෙම ඉල්ලීමට අනුව එතෙක් වසම් තුළ ගමන් වියදම් ලෙස ලබාදුන් රුපියල් 350 ක මුදල 600 දක්වාත්, ග්රාමීයව කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා ලබාදුන් රුපියල් 750ක මුදල දහස දක්වාත්, නාගරිකව ලබාදුන් රුපියල් 1000ක මුදල රුපියල් 1500 දක්වාත් ඉහළ දැමීමට පසුගිය ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය යෝජනාවෙන් කටයුතු කළ බවද එම නිලධාරීහු සඳහන් කරති.
එහෙත් වර්තමාන ආණ්ඩුව එම මුදල් වැඩිවීම ඉවත දමා පෙර ආකාරයටම මුදල් ලබාදීමට කටයුතු කරන බවත්, මේ නිසා කාර්යාල පවත්වාගෙන යාම සහ ගමන් වියදම් වශයෙන් වියදම් වන මුදල් වලින් වැඩි කොටසක් තම වැටුපෙන් වැය කිරීමට සිදුව තිබෙන බවට ග්රාමනිලධාරීවරු මැසිවිලි නගති.