පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති ග්‍රාමනිලධාරී විභාගයේ ප්‍රතිඵල සකස් කර අවසන් බවට විභාග දෙපාර්තමේන්තුව දන්වා තිබුණද, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිඵල නිකුත් කිරීම පමාකරමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.
180,000ක් දෙනා පෙනීසිටි එම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙබරවාරි මාසයේ සිට විභාග දෙපාර්තමේන්තුව බලා සිටින බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ දේශපාලන හිතවත්කම ග්‍රාම නිලධාරීවරුන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබාදී ඇතැයිද හෙතෙම පවසා සිටියේය.