ග්‍රාම නිලධාරී සේවාවේ දෙවැනි ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කළ සියලුම දෙනා කාර්යක්ෂමතා කඩඉම් විභාග වලින් නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම අද (12දා) පොරොන්දු වූ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය සඳහන් කරයි.
අන්තර්ග්‍රහණය කළ ග්‍රාම නිලධාරීවරුන් කණ්ඩායමක් කාර්යක්ෂමතා කඩඉම් විභාග වලින් නිදහස් කර ඉතුරු පිරිසට මේ මස 14 වැනි දින කාර්යක්ෂමතා කඩඉම් විභාගයක් පැවැත්වීමට සැලසුම් කළ බවද එම සංගමයේ සභාපති පී.බී. වන්නිනායක මහතා සඳහන් කළේය.
මේ තුළින් එක් කණ්ඩායමකට දැඩි අසාධාරණයක් සිදුවන නිසා ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා පැවැත් වූ බවත්, මෙම සාකච්ඡාවලට අනුව දෙවැනි ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කළ සියලුම ග්‍රාම නිලධාරීවරුන් කාර්යක්ෂමතා කඩඉම් විභාගවලින් නිදහස් කිරීමට පොරොන්දු වූ බවද පවසා සිටියේය.
14 වැනි දින පැවැති විභාගය අවලංගු කරමින් සහ කාර්යක්ෂමතා කඩඉම් විභාගයෙන් නිදහස් කළ බවට සඳහන් නිවේදනය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අද (12දා) සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිකුත් කළ බවද සභාපතිවරයා සඳහන් කළේය.