මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායීව ඉටුකිරීම සඳහා දිවයිනේ පහළොස් දහසකට ආසන්න ග්‍රාම නිලධාරීවරුන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සාම විනිසුරුවරුන් ලෙස පත්කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි.
1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වැනි වගන්තියට අනුව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පැවරී තිබෙන බලතල උපයෝගි කරගෙන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති අතර, 1954/34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මේ බව ප්‍රසිද්ධ කර තිබේ.
මෙමගින් දිවයිනේ ස්ථිර සේවයේ යෙදී සිටින සෑම ග්‍රාම නිලධාරීවරයෙකුම ඔහුගේ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නිල බලයෙන් සාම විනිසුරුවරයෙකු ලෙස පත්වන බව අධිකරණ අමාත්‍යාංශය අවධාරණය කරයි.