අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් පසුගිය ජූනි 24 වැනිදා සිට නැරඹුම් දර්ශන තාවකාලිකව අත්හිටවූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ජූලි 15 වැනිදා සිට නැවතත් නැරඹුම් දර්ශන සඳහා මහජනතාවට විවෘත කරන බව දන්වා සිටී.
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ, විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමත්, පාසල් දරු දැරියන්ගේ විද්‍යා දැනුම ප්‍රවර්ධනය කිරීමත් උදෙසා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කටයුතු කරයි.
නැරඹුම් දර්ශන අත්හිටුවීමෙන් නරඹන්නන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සැලකිල්ලට ගෙන, නවීකරණ කටයුතු සිදු කෙරෙන අතරතුර සීමිත සංඛ්‍යාවකට සුපුරුදු දර්ශන මෙතෙක් භාවිතා කළ යන්ත්‍ර භාවිතයෙන්ම පැවැත්වීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කටයුතු සූදානම් කොට තිබේ.