ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව ඉකුත් 05 වැනිදා සිට නැරඹුම් දර්ශන සඳහා යළි විවෘත කර තිබේ. විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමත්, පාසල් දරුදැරියන්ගේ තාරකා විද්‍යා දැනුම ප්‍රවර්ධනය කිරීමත් උදෙසා කටයුතු කරන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය තුළ 510 දෙනෙකු සඳහා ආසන පහසුකම් ඇති අතර, නැරඹුම් දර්ශන වාර පහත සඳහන් පරිදි පැවැත්වේ.
පාසල් දර්ශන - අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 10.00 සහ ප.ව. 2.00
මහජන දර්ශන - සෙනසුරාදා පෙ.ව. 10.00 සහ ප.ව. 2.00
ඉරිදා, සඳුදා සහ රජයේ නිවාඩු දිනවල වසා තැබේ.