ග්ලයිෙෆාසේට් අඩංගු වල් නාශක තහනම් කිරීමත් සමග ගොඩ බෝග වගාවේ යෙදෙන මිහින්තලය, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව යන ප්රදේශවල ගොවීන් පිරිසක් විසින් ආහාර රස ගැන්වීමට භාවිත කරන රසකාරයක් යොදා ගෙන නව කෘෂි රසායනයක් නිෂ්පාදනය කිරීමට අත්හදා බැලීම් සිදුකරනු ලැබ ඇත.
අදාළ වල්නාශක තනිවම යොදනවාට වඩා එයට රසකාරකය යොදා යෙදීමේදි වල් මර්දනය වේගවත් බව එහිදී ඔවුන් තහවුරු කරගෙන තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ අදාළ පරීක්ෂණයට සහභාගි වූ ගොවීහු පිරිසක් මෙසේ පැවසූහ.
'ග්ලයිෙෆාසේට් වල් නාශකය තහනම් කිරීමත් සමග ගොඩ ගොවිතැනේ යෙදෙන අපට වල් මර්දනය කර ගැනීම ඉතා අපහසු වී තිබෙනවා. මඩ ගොවිතැනට යොදන කෘමිනාශක යෙදුවට ගොඩ වල් පැළ මැරෙන්නේ නෑ. ඒ නිසා අපි කෘෂි රසායනවලට විවිධ දේ යොදා බැලුවා. එහිදී ආහාර රස ගැන්වීමට භාවිත කරන රසකාරක වර්ගයක ග්රෑම් 20 ක පමණ ප්රමාණයක් කෘෂි රසායන දියරයට යෙදුවා. ඒ සංයෝගය යෙදුවාට පසු මර්දනයට අපහසු වල් පැළෑටි වඳවී යාමට පටන් ගෙන තිබෙනවා.'
රසකාරකවල පවතින අහිතකර තත්ත්වයන් පසුගිය සමයේ විද්වතුන් විසින් කොතෙකුත් පෙන්වා දුන් නමුත්, රසකාරක භාවිතය දිනෙන් දිනම ඉහළ යනු මිස පහළ යාමක් දක්නට නොලැබිණි. එවන් තත්ත්වයක් හමුවේ වල් පැළෑටි නාශකයක් ලෙස භාවිත වන රසකාරක මිනිස් ශරීරයට කෙතරම් හානිකරවේදැයි වගකිව යුතු විශේෂඥයන්ගේ විශේෂ අවධානය යොමුවිය යුතු නොවන්නේද?