ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය මගින් වකුගඩු රෝග ඇති කිරීමට අමතරව පිළිකා රෝග හා ජාන විකෘතිතා ඇති වන බවට පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇතැයි කැලෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය සරත් ගුණතිලක මහතා සඳහන් කළේය.
මීට අමතරව ග්ලයිෆොසේට් විෂ ශරීරගත වූ පසු මවුකිරිවල හා මුත්රාවල එම ද්‍රව්‍ය අඩංගු වන බවට තහවුරු කර ඇතැයිද ඔහු පවසා සිටියේය.
සෙමා ආයතනයේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමින් මේ බව කී මහාචාර්ය සරත් ගුණතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමත් සමග සිලෝන් ටී නාමයට බරපතළ හානියක් සිදුවන බවයි.
මෙරට පැතිර යන වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් සම්බන්ධ බවට තහවුරු වූ බවත්, මීට අමතරව වෙනත් පරීක්ෂකයන් සිදු කළ පරීක්ෂණවලට අනුව ග්ලයිෆොසේට් තුළින් පිළිකා ඇති කරවන බවද සොයාගෙන තිබෙන බවත්මහාචාර්ය සරත් ගුණතිලක මහතා සඳහන් කළේය.