ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට තමන් තදින්ම විරුද්ධ වන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
ඉපලෝගම පැවති ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
ʻʻග්ලයිෆෙසේට් ගේනවට මම පෞද්ගලිකව විරුද්ධයි. මම කැමති නැහැ. බලා සිටියදී පොඩි දරුවො වකුගඩු රෝගය හැදිල මැරෙනවා දකින්න. පදවිය පැත්තේ එකම පවුලේ 7 දෙනාටම වකුගඩු රෝගය හැදිලා. අවුරුදු හයේ හතේ දරුවන්ට වැලඳිලා. ඒ දෙමවුපියො මහ පොළවත් එක්ක හැප්පිල අන්තිම කාලේ දුක් විඳල මැරෙනව දකින්න කැමති නැහැ. හැබැයි මිනිස්සු ඉල්ලන්නේ ඒක. අපි මැරිල යයි නමුත් ඉදිරි පරම්පරාව ජීවත් වෙන්න ඕන.”