මහා පරිමාණ තේ වගාවල ඇතිවන වල් මර්දනය කිරීම සඳහා ග්ලයිෆොසේට් වල්නාශකය අනිවාර්යෙන්ම අවශ්‍ය වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
මෙම වල්නාශකය රට තුළ තහනම් කිරීම නිසා තේ වතු සමාගම් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් එයට හේතුවී තිබෙන්නේ තේ අස්වැන්න අඩුවීම බවත් අද (21දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා තේ වගාවේ වල් මර්දනය කිරීම සඳහා අවශ්‍ය ග්ලයිෆොසෙට් ප්‍රමාණය රට තුළට ගෙන්වීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.