ගහනවා මරණවා ඔළුව පලනවා අරූ මූ තෝ වැනි වචන භික්ෂූන්ට උචිත නෑ - ඇමති මර්වින්
ගහනවා, මරණවා, ඔළුව පලනවා, අරූ,මූ තෝ වැනි වචන භාවිත කිරීම භික්ෂූන් වහන්සේලාට උචිත නොවන බවත්, භික්ෂූන් වහන්සේලාගේ මුවින් පිටවිය යුත්තේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස වැදගත් වචන බවත් මහජන සේවා ඒකාබද්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහනුවරදී පැවසීය.
ඒ මහතා එසේ පවසා සිටියේ, බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ට කරුණු පැහැදිලි කිරීමට පැමිණි අමාත්‍ය කණ්ඩායම අස්ගිරි මහානායක උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
බොදු බල සේනා සංවිධානය රජයේ අමාත්‍යවරුන් නිර්දය ලෙද විවේචනයට ලක්කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එහිදී එම අමාත්‍ය කණ්ඩායම මහානායක හිමිවරුන් දැනුවත් කළේය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ බොදු බල සේනා සංවිධානය එල්ල කළ චෝදනාව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පෞද්ගලිකව එල්ල කළ චෝදනාවක් ලෙස නොසලකන බවත්, එය සමස්ත අමාත්‍ය මණ්ඩලයටම එල්ල කළ චෝදනාවක් ලෙස සලකන බවත්, එම චෝදනාව මහ සංඝරත්නය විසින් එල්ල කරන ලද චෝදනාවක් වශයෙන් සලකන බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

