මුස්ලිම් ක්රොංග්රසයේ නිර්මාතෘ හා ආරම්භක සභාපතිවරයා වු හිටපු අමාත්‍ය සේගු ඉසදීන් මහතා මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන බව පැවැසීය.
අද (01දා) සවස එරගම තම නිවසේ පැවති මාධ්‍ය හමුවකදී සේගු ඉසදීන් හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමේ අරමුණින් පක්ෂ මාරු කිරීම පිල් මාරු කිරීම මුස්ලිම් ප්‍රජාව කිසිසේත් අනුමත නොකරන බවද කීය.