ගලේවෙල නගරයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරී කුටියකට අද (09දා) අලුයම එල්ලවූ අත්බෝම්බ ප්රහාරයකින් එහි සිටි ආරක්ෂක නිලධාරියා බරපතළ තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, එම බැංකුවේ රාත්රි සේවා මුරය සිදුකළ ආරක්ෂක නිලධාරී ගාමිණී වික්රමසිංහ (අවු.49) නමැත්තෙකි.
බරපතළ තුවාල ලැබූ ඔහු ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දඹුල්ල රෝහලට මාරුකර යවා තිබේ.
මෙම බෝම්බ ප්රහාරය එල්ල කළ පිරිස් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ගලේවෙල පොලීසිය පැවසීය.