ගල්රෝලට හසු වී දරුවා මරණයට පත්වූයේ නොසැලකිල්ල නිසාදැයි සොයනවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ක්‍රිකට් පිටිය තැලීමට උපයෝගී කරගන්නා ගල්රෝලට හසු වී ආනන්ද විද්‍යාලයේ දරුවෙකු මියයාමට හේතුවූයේ පාසල් බලධාරීන්ගේ නොසැලකිල්ලද යන්න සොයා බැලීම සඳහා පොලීසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
දැනට සිදුකළ පරීක්ෂණවලට අනුව පෙනීගොස් තිබෙන්නේ දරුවන් කිහිපදෙනෙකු එක්ව ගල්රෝල එහාට මෙහාට කරවීමේදී එය අධික වේගයෙන් ඇදීගොස් බිත්තියක් මතට හේත්තු වීමේදී දරුවා ඊට හසු වී ඇති බවයි.
මේ හේතුවෙන් පාසල් දරුවා මියගොස් තිබෙන බවත්, මේ ආකාරයට දරුවා මියයාමට හේතුව නොසැලකිල්ල නිසාද යන්න සොයාබැලීමට පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවත්, මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් පාසල් දරුවන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.
ක්‍රිකට් පිටිය තැලීමට භාවිත කරන ගල්රෝලට හසු වී මියගොස් තිබෙන්නේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිනෙත් විජේසිංහ නැමැති 09 හැවිරිදි දරුවෙකු බවද වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

