ගල් ගසා මරා දැමීමට නියම වූ කාන්තාව ගැන අභියාචනය විභාග වන ලකුණු
සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිත ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අභියාචනය ඉදිරි සති කිහිපය තුළ විභාග කෙරෙනු ඇතැයි සෞදි තානාපති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ 'අද' කළ විමසීමේදී විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය පැවසුවේ අදාළ කාන්තාවගේ දිවි ගලවාගැනීම සඳහා රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම උපරිමයෙන් ගනු ලබන බවයි.
තවද මේ සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මැදිහත්වීමෙන් විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇය සඳහන් කර සිටියාය.
ඉදිරි වසර කිහිපය තුළ මෙරට තුළ කාන්තාවන් උදෙසා රැකියා අවස්ථා වැඩි කිරීමට මේ වනවිටත් සැලසුම් සකස් කෙරෙමින් පවතින බවත්, ඒ අනුව මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස සේවයට යොමුවන කාන්තා ප්‍රතිශතය අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

