ගල් අරක්කු මිල අඩු කරන්න - ඇමති ජෝන්
රජයේ ආදායම අඩු වුවද සමාජයේ වැඩි දෙනෙකු භාවිත කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී පැවසීය.
ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතාද අදහස් පළ කළහ.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ ප්‍රගතිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න ඇමතිවරයා පැවසුවේ වැඩකරන ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් දවසේ වෙහෙස මහන්සි වී ඇඟපත මහන්සියට ගල් අරක්කු පානය කරන බවයි. නමුත් අද වනවිට ගල් අරක්කු බෝතලයක් රුපියල් එක්දහස් පන්සියය දක්වා ඉහළ මිලක් පැවතීම නිසා කසිප්පු වැනි නීති විරෝධී මත්වතුර පානය කිරීමට ඔවුන් පෙළඹී ඇති බවද ඔහු කීය.
වර්තමානයේ වතු ආශ්‍රිතව පිරිමින් පමණක් නොව කාන්තාවන්ද හැන්දෑවට කසිප්පු පානය කිරීමට දැඩි ලෙස පෙළඹී ඇතැයිද ඇමතිවරයා අවධාරණය කළේය.
අජිතලාල් ශාන්ත උදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

